මෝටර් ර​ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සමස්​ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක්

moter-tt

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්ත සමස්ත ලංකා වීඩියෝ නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාහන වායු විමෝචනය අවම කරමින් අනාගත පරපුර උදෙසා වඩාත් තිරසාර පරිසර පද්ධතියක් දායක කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සමගින් මෙය සංවිධානය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 31 දක්වා මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර වැඩි විස්තර සහ අයදුම්පත් මෙතැනින් ලබාගත හැකියි.