තමා ජනාධිපත් ධූරයට පත්වූ පසු කිසිඳු වේතනයක් ලබා නොගෙන ස්වේච්චා සේවයක් ඉටු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 21 වනදා පොදුජනතාව සමගි ජන බලවේගයට වරම ලබාදෙන විට ලොකුම කැප කිරීම කිරීමට රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සූදානම් බවයි වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
තමන් පඩි සහ දීමනා ගන්නා ජනාධිපතිවරයෙක් නොවන බවත් තමන්ගේ සේවාව තම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිඳු වේතනයක් නොගෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.

