මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජුලි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලීසියට පැමිණිලි 163 ක් ලැබී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේ.