ධීවර යාත්‍රා අනතුරකින් තිදෙනෙක් අතුරුදන්

boat

බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්වී, ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ධීවරයින් 04 දෙනෙකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.