ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹෙයි

Presidential-election

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

අද දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 06 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ