CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ceypetco-new

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 12 කින් (නව මිල රු.332)

* පෙට්‍රල් 95 – රු. 02 කින් (නව මිල රු.377)

* ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.307)

* සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.352)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* භූමිතෙල් –  (නව මිල රු.202)