මහ බැංකු අධිපති එවැනි ප්‍රකාශයක් කිරීම තදබල වරදක් – මහින්ද ​දේශප්‍රිය

mahinda-deshapriya--300x161

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මැතිවරණයක් අභියසදී යම් අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තදබල වරදක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

මෙයට කලකට පෙර ආරක්ෂක හමුදා ප්‍රධානීන් සහ ලේකම්වරුන් විසින්ද, වෙනත් ආකාරයකට රට වෙනස් වුනොත් නැවතත් ත්‍රස්ථවාදය පැමිණේයැයි මෙලෙසම කියූ බවද, එයට විරුද්ධව ඒ දිනවල තදින් කරුණු දැක්වූ පිරිස් මෙම ප්‍රකාශය ගැන කිසිවක් නොකියන බවද ඔහු පෙන්වා දෙනවා.

තමන් එය එදත් වැරදි බව ප්‍රකාශ කළ බවද, අදත් මෙය වැරදි බව ප්‍රකාශ කරන බවද, කුමන පක්ෂයකින් සිදුකළත් වරද වරදම බවද ඔහු සඳහන් කළා.

මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක රාජ්‍ය නිලධාරීන් යම් පක්ෂයක අපේක්ෂයෙකුගේ ප්‍රතිපත්ති අගතියට පත්වන ආකාරයේ ප්‍රකාශ කිරීම මැතිවරණ නීති තදබල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි ඔහු අවධාරණය කළේ.