ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්ද දායකයින් වෙත තැපෑලෙන් නොමිලේ බෙදා හැරීමට පහසුකම් සපයා තිබෙනවා – මැතිවරණ කොමිෂන් සභාව

election

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තැපැල් මාර්ගයෙන් ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට පහසුකම් සලසා ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශ මෙන්ම අවශ්‍ය ලිපිලේඛණ ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව ඇති බවයි එම කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පැවසුවේ.