ණය ලබාගෙන ඒවා සොරකම් කරලා රාජපක්ෂලා කෝටිපතියෝ වුනා, මහජනතාව ඒ කරුමය ගෙවනවා – සරත් ෆොන්සේකා

sarath-fonseka-parliament-2

ණය ලබාගෙන ඒවා සොරකම් කරමින්, කොමිස් හා පගා ලබාගෙන ප්‍රතිලාභ නැති ව්‍යාපෘති සිදුකර රාජපක්ෂලා කෝටිපතියන් වූ බවත්, මහජනතාව එම කරුමය ගෙවන බවත් ජනාධිපති ධුර අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

උපදින්නට ඉන්නා දරුවාගේ සිට සෑම කෙනෙකුම මේ වනවිට ලෝකයට ලක්ෂ 10 ක් ණයවී ඇති බව ද, ගන්නා ලද ණයවල ප්‍රතිලාභ ජාවාරම්කාරයින්ට ලැබුණු බව ද, මහජනතාවට නොකා නොබී එම ණය ගෙවීමට සිදුවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

ඡන්දදායකයින්ගෙන් 95%ක් වත් පාවෙන ඡන්ද විය යුතු බවත්, යථාර්තවාදීව කල්පනා කරන්නට පටන් ගත යුතු බවත්, එසේ වුවහොත් පමණක් මේ නරාවලෙන් ගොඩ ආ හැකි බවයි ඔහු සඳහන් කළේ.

එසේ නොවුනහොත් මෙරට දරුවන්ට හා තරුණ තරුණියන්ට අද වැඩිහිටියන් ගත කරන ජීවිතය හෝ තව අවුරුදු දෙක තුනකින් ගත කිරීමට නොහැකි වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.