ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළට

election

මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ති‍බෙනවා.

ඒ අනුව පසුගිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු 29 වන දින දක්වා ලැබී තිබුණු මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි සංඛ්‍යාව 1419 ක් වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07 ක්ද, වෙනත් පැමිණිලි 56 ක්ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.