පාස්පෝට් ලබාගැනීමට Online දින වෙන්කිරීම අද සිට නතර කෙරේ

passportoffice

පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (28) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව මේ දිනවල දැඩි අපහසුතායකට පත්ව සිටින බවයි වාර්තාවන්නේ.