මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට

bort-85

මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සමග යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.