නැගෙනහිර පළාතේ තරගය තියෙන්නේ රනිල් සජිත් අතර විතරයි, අනුර ගැන බලාපොරොත්තුවක් නෑ – බන්දුල

bandula-gunawardena-cabinet

නැගෙනහිර පළාතේ තරගය ඇත්තේ අපේක්ෂකයින් දෙදෙනෙක් අතර පමණක් බව සමීක්ෂණයකින් අනාවරණයවී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතර පමණක් තරගය ඇති බවත් අනුර කුමාර දිසානායකට නැගෙනහිර පළාතේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවද ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමත්, මිනිසුන්ට හුස්ම ගැනීමට හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමත්, අනාගතය ගොඩනැගීම සඳහා පැහැදිළි වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහට ඇති නිසා ඔහු නැගෙනහිර පළාතෙන් 70% කට වඩා වැඩි ඡන්දයක් ලබාගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.