ජය කණුව පෙනි පෙනී රටේ කටයුත්තට බාධා කරන්න අපි සූදානම් නෑ – දිලුම් අමුණුගම

dilum-amunugama

ආර්ථික යුද්ධය ජය කණුව දක්වා රැගෙන යාමට ඉදිරි වසර තුනක කාලය තුළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

තමන් පොහොට්ටුව අතහැරීමට සූදානම් නොමැති නමුත්, ජය කණුව පෙනි පෙනී රටේ කටයුතුවලට බාධා කිරීමටද සූදානම් නොමැති බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

රටේ සියලු දේශපාලන පක්ෂ එක ස්ථානයකට එකතු වූ පසු එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විවාදයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.