මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු⁣ සඳහා වියදම් කළ හැකි උපරිමය රු.109කට සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

Presidential-election

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද හිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවට සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්දහිමියෙකු වෙනුවෙන් රුපියල් 109කට නොවැඩි මුදලක් එක් අපේක්ෂකයෙකු විසින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස වැයකළ හැකි වන අතර, වියදම් කළ හැකි සමස්ත සීමාව රුපියල් 1,868,298,586.00 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66c4045777072pdf_page_0 66c40458aaf9epdf_page_1