මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිතා නොකරන ලෙස මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Sri-Lanka-election-300x200

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙන බවද, ජාතික කොඩියට අමතරව ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.