රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ යෝජනා සඳහා කිසිඳු දේශපාලන අරමුණක් නැහැ – රංජිත් සියඹලාපිටිය

ranjith-siyambalapitiya

රජය හැකි සෑම විටකම ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කර ඇති බවත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනා තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කලක පටන් පැවති ඉල්ලීම් සලකා බලා, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුව මගින් ලබාදුන් නිර්දේශ හා තීරණ අනුව ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, ගෙවීමේ හැකියාව ආදී සෑම පැතිකඩක්ම පිලිබඳ අවධානය යොමුකර මෙම කමිටු වාර්තාව සකස් කර ඇති බවත්, විපක්ෂය බදු අඩු කර, පඩි වැඩි කරන බව පැවසීම හා එම ක්‍රමවේදය සම්බන්ධයෙන් නම් සොයා බැලිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.