මැතිවරණ කොමිසම අද රැස්වෙයි

election

මැතිවරණ කොමිෂන් සභාව අද (14) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර ඇති අතර, අද රැස්වන කොමිෂන් සභාවේ දී ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිතයි.