වතු සේවක වැටුප රු 1,700 දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

tea-state0

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පඩි පාලක සභාවේ සභාපති එච්.කේ.කේ.ඒ. ජයසුන්දරගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර, ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බවත්, එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බවත් අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66bc165c61abbpdf_page_1 66bc165c54ecdpdf_page_0