ග්‍රාම නිලධාරී වර්ජනය අදත් ක්‍රියාත්මක වෙයි

grama-niladari

නව සේවා ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස බල කරමින් අද (13) දිනයේ ද සියලු සේවාවලින් ඉවත්වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසනවා.

අදාළ ගැටලුව පිළිබඳව ඔවුන් ඊයේ (12) බලධාරීන් සමග සාකච්ඡාවක් කළ අතර, එය අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි  ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.