රටට වින කටින කණ්ඩායම්වල අපේක්ෂාව තමයි සජබ, පොහොට්ටු, UNP එකතුවීම – අනුර

anura-kumara-budget

රටට වින කටින කණ්ඩායම්වල අපේක්ෂාව වන්නේ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්වීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම පක්ෂ එක්විය යුතු බවට වන කරුණු මතුපිට තලයේ ඉදිරිපත් කළද අභ්‍යන්තරයේ එක්වීම පිළිබඳ සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

සිංහල බෞද්ධ සංස්කෘතියකින් ගොඩනැගුනු රාජ්‍යක් තුළ ගිහියෙක් හාමුදුරුවන්වහන්සේ නමක් සමඟ විවාදයට යාම සුදුසු නොවන බවද, එබැවින් එම ගෞරවය උන්වහන්සේට ලබාදෙන නමුත් එය ආරක්ෂා කරගැනීම උන්වහන්සේගේ වගකීමක් ලෙස සලකන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.