අරගලය ඉල්ලූ තරුණ නායකත්වය ලබාදී තිබෙනවා – මහින්ද රාජපක්​ෂ

mahinda-rajapakdha-balaya

අරගලය ඉල්ලූ තරුණ නායකත්වය ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවයි අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගිය කොටස් සඳහා යළි එක්වන ලෙස ආරාධනා කරන බවත්, සමහර පිරිස් යළි පැමිණෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.