ක්ලබ් වසන්ත​ගේ ඝාතකයන් පළාගිය බස් රථය සොයා ගනී

sri-lanka-police-logo

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම බස් රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.