බංග්ලාදේශ අන්තර්වාර රජයේ උපදේශකත්වයට මුහම්මද් යුනුස් පත් කෙරේ

muhammad-yunus

නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයක ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කරන බවට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සහ සිසුන් කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බංගලාදේශ අගමාත්‍යවරිය වූ ෂීක් හසීනා රටින් පළා යාමත් සමඟ ශිෂ්‍ය නායකයින් හමුදා රජයක් පිළි නොගන්නා බවට ප්‍රකාශ කර තිබූ අතර, ඒ අනුව අන්තර්වාර පාලනයකට නායකත්වය දීමට මුහම්මද් යුනුස්ගේ නම යෝජනා වී තිබුණා.

මෙම තනතුර භාර ගැනීමට එකඟ වූ නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පවසා ඇත්තේ මෙම දුෂ්කර අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.