බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

bangladesh-parliament

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එරට වේලාවෙන් අද පස්වරු 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.

හමුදා ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බව ශිෂ්‍ය විරෝධතාකරුවන් පවසා ඇති අතර නොබෙල් සාම ත්‍යාගලාභී Muhammad Yunus උපදේශකත්වය යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.