රට ශිෂ්ටත්වයට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දැන් එළඹිලා – ආචාර්ය හරිනි අමරසූරිය

harini-amarasuriya-298

ඓතිහාසික පරිවර්තනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවට සමාජ සාධාරණත්වයක් උදාකරන, පැහැදිලි දැක්මක් ඇති, ශිෂ්ට සම්පන්න නායකයෙක් තෝරා ගැනීමේ අවස්ථාව දිනෙන් දින ලංවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

තව දින 48කින් රටේ ජනතාව ඔසවා තැබිය හැකි ඒ සහෝදරයා, ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙන බවයි ඇය සඳහන් කළේ.

ඔහුගේ නාම යෝජනා වෙනුවෙන් ඇප තැම්පත්කර ඒ ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවන් වීමට ලැබීම විශාල සතුටක් බවද අද (06) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප තැම්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළා.