බංග්ලාදේශය තුළ යළි ඇති වූ විරෝධතාවලින් පුද්ගලයින් 90ක් මරුට

66b06491465bc

බංග්ලාදේශයේ යළි ඇති වී තිබෙන විරෝධතා හා කලහාකාරී සිදුවීම් අතරතුර මේ වන විට පුද්ගලයින් 90 ක් මිය ගොස් ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගමැතිනි ෂෙයික් හසීනාට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (04) පස්වරු 6.00 ට නැවත දැනුම්දෙන තුරු රට පුරා ඇඳිරි නීතිය පැනවීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

රැකියා සඳහා කෝටාව අහෝසි කරන ලෙස ඉල්ලා ජුලි මාසයේ සිට මෙම ශිෂ්‍ය විරෝධතා ආරම්භ වූ අතර එතැන් සිට වඩාත් පුළුල් රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බවට මේ වන විට පරිවර්තනයවී තිබෙනවා.