රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අංකයක්

human-rights-srilanka

ජනාධිපතිවරණ කාල සීමාවේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් විසින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ.

ඒ අනුව, 0767914696 යන දුරකථන අංකයට හෝ 0112505566 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.