නිසි ක්‍රමවේදයකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වෙනවා – සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

egg

බිත්තර ආනයනය කිරීමේ රජයේ තීරණයට හේතුව වී ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

නිසි ක්‍රමවේද සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීමෙන් දේශීය බිත්තර කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කරන්නේ.

ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.