අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස උපදෙස්

tourism-srilanka

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැර ලෙබනනයට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ අනුව සංචාරක උපදේශනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරන්නේ, ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.