ජාතික ජන බලවේගය සිය දේශපාලනමය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගෙන

WhatsApp Image 2024-08-01 at 23.00.58

24-08-01

ජාතික ජන බලවේගය සිය දේශපාලනමය කටයුතු සඳහා මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගෙන
=========
ජාතික ජන බලවේගය පක්ෂය සිය දේශපාලනමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය යොදා ගන්නා බවට උතුරු මැද පලාතේ ගුරුවරු පිරිසකගෙන් චෝදනා එල්ලව තිබේ.
ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති ගුරු සමුළුවක් ඉලක්ක කරගෙන ලංකා ගුරුසේවා සංගමය විසින් පාසැල් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත ටිකට්පතක් අලෙවි කර ඇති බව පැවැසේ.
ඉකුත් දිනවල උතුරු මැද පලාතේ පාසැල් වෙත ගොස් ඇති ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයින් එම පාසැල්වල විදුහල්පතිවරුන් හරහා මෙම සමුළුව සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර තිබේ..
අගෝස්තු 02 වනදා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සදහා එක්වන ගුරුවරුන්ගේ පාලන කටයුතු වෙනුවෙන් බව පවසමින් විදුහල්පතිවරුන් හරහා ගුරුවරුන් වෙත රුපියල් 200ක ටිකට්පතක් අලෙවි කරමින් මෙම දේශපාලනමය කටයුත්ත සදහා ගුරුවරුන්ගෙන් මුදල් රැස් කිරීමට ලංකා ගුරු සේවා සංගමය කටයුතුකර ඇති බව ද ගුරුවරු පෙන්වා දෙති.
ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) කොළඹදී පැවැත්වීමට නියමිත මෙම ගුරු සමුළුව දේශපාලනම ක්‍රියාකාරකමක් බව පෙන්වා දෙන ගුරුවරු මෙවැනි දේශපාලනික වැඩකටයුතු සඳහා ලංකා ගුරු සේවා සංගමය හරහා මුදල් එක් රැස් කිරීම සම්බන්ධයෙන් සිය කනගාටුව හා විරෝධතාවය ද පලකර සිටී.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක උතුරු මැද පලාතේ විදුහල්පතිවරුන් හරහා රජයේ පාසැල් තුළ ටිකට්පත් අලෙවි කරමින් වෘත්තීය සමිතියක් දේශපාලන කටයුත්තක් වෙනුවෙන් මුදල් රැස් කිරීම හා එමඟින් ගුරුවරුන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් මෙන්ම ඒ සම්බන්ධයෙන් පවතින නෛතික භාවය සම්බන්ධයෙන් විමසීමට උතුරු මැද පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද එම උත්සහය ව්‍යර්ථ විය.

WhatsApp Image 2024-08-01 at 23.00.58