ඒ නවය මාර්ගයේ බරපතල තුවාල සහිත මළ සිරුරක්

death

මහනුවර යාපනය ඒ – නවය මාර්ගයේ, තිරප්පනය පොලිස් වසමේ  ගල්කුලම ප්‍රදේශයේ කි.මී. 122 සහ 123ත්  අතර ප්‍රදේශයේ  මාර්ගයේ තිබු බරපතල  තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (23)  සොයා ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, මිහින්තලේ, කෑදෑව ප්‍රදේශයේ පදිංචි බමුණු රත්න මුදියන්සේලාගේ සුරවීර නමැති 38 හැවිරිදි දෙදරු පියෙකු  බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය කියයි.

මරණකරු මැල්සිරිපුර ප්‍රදේශයේ හෝටලයක සේවය කරන පුද්ගලයෙකු බවත්, ඔහු රාත්‍රියේ තම රැකියාව නිමවී නිවස බලා ගමන් කරමින්  සිටියදී  මෙම මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.

මරණකරු, මාර්ගයේ ගමන් ගත් වාහනයක නැග ගමන් කිරීමේදී ඉන් ඇද  වැටී ජීවිතක්ෂයට පත් වූයේද, නැති නම් පාරේ ගමන්  වාහනයක ගැටී ජීවිතක්ෂයට පත් වූයේද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.