‘ආයතන 25ක දුෂණ වංචා ගැන දැනුම් දුන්නත් විමර්ශන නෑ‘

wijedasa-rajapaksha-press

ආයතන 25ක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන්  අල්ලස්  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ පොලිස්පතිවරයාට  යොමු කර ඇතත්  නිසියාකාරව  විමර්ශන පවත්වා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ විමර්ශන සඳහා උපදෙස් දෙන ලෙස කතානායකවරයාගේ ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිර්දේශ අදාළ විමර්ශන ආයතනවලට යවන්න පාර්ලිමේන්තුවට බලය තියෙනවා.    2007 වර්ෂයේ දී මම ඉදිරිපත් කරපු කෝප් වාර්තා දෙකේ  වංචනික ගනුදෙනු 16 ක්  සම්බන්ධයෙන්  විමර්ශන ආරම්භ කරන්න කියලා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යැව්වා. තවත් ආයතන  දහයක පමණ සිදුවූ වංචා සම්බන්ධයෙන් විමර්ශන කරන්න පොලිස්පතිතුමාට යැව්වා. කතානායකතුමා මේවා යැව්වත් ඒ ගැන හරියට විමර්ශන නොකිරීම ගැටලුවක්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සාකච්ඡා කරලා කොහොමද ඒවා කෙරෙන්න ඕන කියලා උපදෙස් දෙන්න ඕන.