තහනම් ඖෂධ අ‘පුර බෙදාහැරි ජාවාරම්කරු ඇතුළු 6ක් අල්ලයි

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

පෞද්ගලික ඖෂධ  සමාගමක උතුරු මැද පළාත භාර අලෙවි නිලධාරියෙකු ලබා දෙන තහනම් ඖෂධ, තොග වශයෙන් අනුරාධපුර නගරය තුල සහ ඒ අවට බෙදා හැරී ප්‍රධාන ජාවාරම්කරු ලක්ෂ 3කට ආසන්න ඖෂධ කරල් 2400ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර  මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය පවසයි. 

එමෙන්ම එම ඖෂධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට සිල්ලරට විකුණූ පුද්ගලයන් 5ක් ඇතුළු හය දෙනෙකු ද    අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරු අනුරාධපුර , මස්මඩුව පාර කාර්මික ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවත්  අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් , අනුරාධපුර විජයපුර , ජයසිරිපුර , දහයියාගම සහ නොච්චියාගම  ප්‍රදේශවල පදිංචි 21 සිට 37 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයන් බව පොලිසිය කියයි.

වෛද්‍ය නිර්දේශයක් ඇතිව රෝගීන් හට ලබා දෙන වේදනා නාශකයක් වන මෙම ඖෂධ කිසිදු අවසරයකින් තොරව ඖෂධ අලෙවි නිලධාරියා විසින් ප්‍රධාන සැකකරු හට තොග වශයෙන් ලබා දී ඇති බව පොලිසිය කියයි.

ගලෙන්බිදුණුවැව  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම ඖෂධ නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.