ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

srilankan-airline

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය සඳහන් කළේ, පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම ලංසු කැඳවීමේ ක්‍රියාවලිය වෙනුවට විකල්ප ක්‍රමවේදයක් ඉදිරියේදී අනුගමනය කිරීමට රජය පියවර ගන්නා බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.