නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට ඉඩ නොදීමෙන් උණුසුම් වූ ගල්කිරියාගම ගොවීන්

නෙලා ගත් වී)

24-07-19
කැකිරාව කුෂාන් ජයවර්ධන

නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට ඉඩ නොදීමෙන් උණුසුම් වූ ගල්කිරියාගම ගොවීන් ============

අධීක වියදමක් දරමින් වගා කොට වන අලින් සමග සටන් වැද දහසකුත් දුක්කරදර මැද රැකගෙන නෙලා ගත් වී අස්වැන්න වේලා ගැනීමට යාමේදී පිරිසක් ඊට බාධා කරමින් සිටින බවට ගල්කිරියාගම ගොවිසංවිධාන කිහිපයක නියෝජිතයෝ පවසති. මේ හේතුවෙන් ගල්කිරියාගම ප්‍රෙද්ශවාසීන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනින.
ගල්කිරියාගම අවට ප්‍රෙද්ශවල මේ දිනවල වී අස්වැන්න නෙලමින් පවතින අතර නෙලාගන්නා වී අස්වැන්න වියලා ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැතිවීම තුළින් එම ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.
ඒ අනුව එම ගොවීන් නෙලාගත් තම වී අස්වැන්න වේලා ගැනීම සදහා තාවකාලිකව ගල්කිරියාගම බස් නැවතුම්පොල භූමියේ කොටසක් යොදා ගැනීමට කටයුතු කර තිබූ අතර පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එය අත්හිටුවීමට පියවර ගෙන තිබුනේ ගල්කිරියාගම වෙලද සංගමයෙන් බව පවසා ඊට විරෝධය පා පැමිණිල්ලක් ලද බව පවසමින් බව ගොවීහු කියති.
මින් පෙරද ගොවීන් මෙම බස්නැවතුම්පොල භූමියේ කොටසක මෙලෙස වී වේලීම සිදුකර ඇත්තේ ඒ අවට කිසිදු අයෙකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ද විරෝධතාවයක් නොමැතිවය. ප්‍රෙද්ශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීන් මෙම ස්ථානය කලක පටන් වී වේලිම සදහා යොදා ගන්නා බව එම ගොවීහු පවසති.
නිරන්තරයෙන් බස් රථ ඇතුළ නොකරන කාර්ය බහුලත්වයකින් තොර මෙම ග්‍රාමීය බස්නැවතුම්පලෙහි කටයුතු සදහා හානියක් නොවන අයුරින් බසු නැවතුම්පොල භූමියේ පසුපස භූමි කොටසක් ගොවින් විසින් මෙලෙස තාවකාලික වී වේලීමට යොදා ගෙන තිබිණ. දිනකට බස් රථ දෙකක් පමණක් මෙම බසු නැවතුම්පලට ඇතුල් කෙරෙන අතර එම බස් රථ හැසිරවීමට බාධාවක් නොවන අයුරින් තමන් අදාළ භූමි කොටස වි වේලිම සදහා යොදා ගන්නා බවද ගොවීහු කියති.
ඒ අතර තුර පසුගිය දිනක රාත්‍රියේ කිසියම් පිරිසක් ගොවීන් වී වේලන එම භූමි කොටසට කලුතෙල් ප්‍රහාරයක් ද එල්ල කර තිබිණ.
ඊයේ දිනයේද සුපුරුදු පරිදි ගොවීන් පිරිසක් සිය වී වේලා ගැනීමට මෙම ස්ථානයට රැගෙනවිත් තිබූ අතර එහිදී ප්‍රෙද්ශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එම කටයුතු අත්හිටුවා දැන්වීම් පල කර තිබිණ. ගොවීන් පවසන්නේ අවට පුද්ගලයින් දෙදෙනෙකු ඒ සම්බන්ධයෙන් එල්ල කර තිබූ විරෝධතාවයක් හේතුවෙන් එම තත්වය හට ගෙන ඇති බවයි. මෙහිදී ගොවීන් හා තවත් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැනීන. ගල්කිරියාගම වෙළද සංගමයේ උපසභාපතිවරයා පැවැසූයේ ගොවීන් බස් නැවතුම්පල භූමියේ වී වේලිම සම්බන්ධයෙන් වෙළද සංගමය කිසිදූ විරෝධතා තීන්දුවක් ගෙන නොමැති බවයි. වෙලද සංගමයේ නියෝජිතයින් මේ සම්බන්ධව විරෝධතාවයක් නොමැති බවට අදාළ අංශ වෙත ලිඛීත ලියවිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
රටට බත සපයන ගොවියා තවදුරටත් අසරණ නොකරන ලෙස එම ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ගල්කිරියාගම වෙළද සංගමයේ උප සභාපති ආනන්ද ඒකනායක මහතා පැවැසූයේ ගල්කිරියයාගම බස් නැවතුම්පල භූමියේ කොටසක වී වේලීමට යොදා ගැනීම සම්බන්ධයෙන් වෙලඳසංගමයේ සාමාජිකයින් විසින් විරෝධතාවය පලකර තීන්දුවක් ගෙන නොමැති බවයි.
අවට ප්‍රෙද්ශවාසීන් ද පවසන්නේ ගොවීන්ගේ මෙම වී වේලිම තමන්ට හිරිහැරයක් නොවන බවයි.

නෙලා ගත් වී) WhatsApp Image 2024-07-19 at 17.36.48 (1) WhatsApp Image 2024-07-19 at 17.36.48 WhatsApp Image 2024-07-19 at 17.36.47 (5) WhatsApp Image 2024-07-19 at 17.36.47 (4) WhatsApp Image 2024-07-19 at 17.36.47 (3) WhatsApp Image 2024-07-19 at 17.36.47 (2) WhatsApp Image 2024-07-19 at 17.36.47 (1) WhatsApp Image 2024-07-19 at 17.36.47 WhatsApp Image 2024-07-19 at 17.36.46 (1) WhatsApp Image 2024-07-19 at 17.36.46