මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 වන දිනට වසර 55ක්‌ සැපිරෙයි.

nil

දර්ශාන් ප්‍රනාන්දු
0773710807
18.07.2024

සඳ ගමනට වසර 55යි

මිනිසා සඳ මත පා තබා 2024 ජූලි 20 වන දිනට වසර 55ක්‌ සැපිරෙයි.

අප ජීවත්‌ වන පෘථිවියට ඇති එකම පරිවාර ග්‍රහයා වන්නේ චන්ද්‍රයායි. අතීතයේ මිනිසුන්‌ සිතුවේ සඳ මතුපිට සාගර ඇති බවකි. සඳෙහි ඇති අඳුරු කොටස්‌ මුහුදු ලෙස ඔවුන්‌ විශ්වාස කළ නිසා ලතින්‌ භාෂාවෙන්‌ “මුහුදු ” කියන නම සඳට භාවිතා කරන ලදී. පසු කාලයේ දී සඳෙහි මුහුදු නොමැති බව හෙළි වූවත්‌ සඳ යන නම
වෙනස්‌ නොවුණි.

දුරේක්ෂය නිර්මාණය වීමත්‌ සමග දුරේක්ෂ භාවිතයෙන්‌ සඳේ තොරතුරු සෙවූ මිනිසා 1950 දශකයේදී ඡායාරූප ගැනීමට යානා යවන ලදී. ඒ අනුව 1959 ඔක්තෝම්බර්‌ චන්ද්‍රයා වෙත ගිය සෝවියට්‌ දේශයේ ලූනා-3 යානය මගින්‌ පෘථිවියට නොපෙනෙන, සඳේ අනෙකුත්‌ ප්‍රදේශ ඡායාරූප ගත කරන ලදී. එයින්‌ පසුව 1968 දක්වා ඇමරිකාව ගුවන්ගත කළ රේන්ජර් 7,8,9 හා ලූනා ඕබිටර් 1,2,3,4 යානා මගින්‌ සඳ මත ආවාට ට්‍රිලියන තුනකට වඩා ඇති බව සොයා ගන හැකි විය.

අභ්‍යවකාශ තරණය සඳහා මුල්‌ පියවර රුසියානුවන්‌ විසින්‌ තැබීම ඇමෙරිකානුවන්ට මහත්‌ බලපෑමක්‌ එල්ල වීම නිසා ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ජෝන්‌ එෆ්‌ කෙනෙඩි 1961 මැයි 25 වන දින නාසා විද්‍යාඥයින්‌ අමතා ඇමරිකානු විද්‍යාඥයින්ට දුන් ඉල්ලක්කය වුයේ අදින්‌ වසර 10ක්‌ ඇතුළත ඇමෙරිකානුවෙක්‌ සඳ තරණය කළ යුතු බවයි. ඒ අනුව 1960 දශකයේ අග භාගයේදී ඇමරිකාව දියත්‌ කළ ඇපලෝ වැඩසටහන හරහා සඳ වෙත මිනිසුන් සහිත යානා යැවීම සිදු කළ අතර ඒ හරහා ඡායාරූප පමණක්‌ නොව සඳේ කාලගුණ තොරතුරු, මතුපිට ස්වභාවය ආදී නොයෙක්‌ දේ දැනගැනීමට මිනිසාට හැකි විය.

අභ්‍යවකාශ වස්තුවක්‌ වෙත මූල්‌ වරට මිනිසුන්‌ සහිතව යානා යැවීම ආරම්භ කරන ලද්දේ 1968 දෙසැම්බර්‌ 4 ‘ඇපලෝ-8 නම් වූ අභ්‍යවකාශ යානාව යැවීමෙනි. ඇමරිකානු ජාතික ෆෑන්ක් බොර්මන් ද , ජේමිස් ලොවෙල් ද ඇමරිකානු ගුවන්‌ හමුදා නිලධාරිවරයකු වූ විලියම්‌ ඇන්ඩර්ස්‌ රැගත්‌ මෙම යානාව චන්ද්‍රයා වෙත ගමන්‌ කළත්‌ පුරා පැය 20 කාලයක්‌ තුළ චන්ද්‍රයා වටා 10 වාරයක් ගමන් කොට , චන්ද්‍රයා මත ගොඩ බස්වා ගැනීමට අපොහොසත් වීම නිසා නැවතත් පෘථිවිය කරා පැමිණීමට සිදු විය.

පෘථිවියෙන් බැහැර ආකාශ වස්තුවක් වූ චන්ද්‍රයා වෙත ඓතිහාසික සඳ ගමනෙහි සැබෑ ආරම්භය සිදු වූයේ 1969 ජූලි 16 වන දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. එම ගමන සඳහා නීල් ආම්ස්ට්‍රෝන් , එඩ්වින් ඕල්ඩින් හා මයිකල් කෝලින්ස් එකතු වූ අතර සඳ මත පා තැබීම සිදුවූයේ 1969 ජූලි 20 වන දායි. සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙස ඉතිහාසයට එක්‌ වූ නීල්‌ ආම්ස්ට්‍රෝන්‌
‘’මෙය මිනිසෙකුට කුඩා පියවරක්‌ පමණි. නමුත් මිනිස් සංහතියේ යෝධ පිම්මකි.” ලෙස උදාන වාක්‍යකින්‌ ලෝවැසියන්‌ ඇමතිය.
මෙම සඳ ගමන සඳහා රටවල්‌ 137 ක්‌ දායක චූ අතර එයින්‌ ශ්‍රී ලංකාවට සුවිශේෂී තැනක්‌ හිමිවූයේ සඳෙහි රැගෙන ආ පස් පරීක්ෂා කළ මහාචාර්ය සිරිල් පොන්නප්පෙරුම මහතාගේ දායකත්වය හේතුවෙනි. එම නිසා ශ්‍රී ලංකා කොඩියද සඳ ගමනට එක්කර ගැනීමට හැකිවිය.

ඇපලෝ 11 සිට 17 දක්වා යානා මිනිසුන්‌ සභිතව සඳට ගිය අතර ඔවුන්‌ කිලෝ 384 චන්ද්‍ර පාෂාණ සහ පස් පෘථිවියට ගෙනාහ.මේ යානා වලින්‌ සඳ මත පා තැබූ ගගනගාමීන්‌ ප්‍රමාණය 12 කි. ඇපලෝ 11 මගින් සඳෙන් රැගෙන ආ පස්වලින් ජීවින්‌ පිලිබඳ පරික්ෂා කිරීමේ භාග්‍ය උදාවූයේ ශ්‍රී ලාංකික මහාචාර්ය සිරිල්‌ පොන්නප්පෙරුම මහතාටය. එතුමා ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරයාද වේ.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මෙසේ පැවසීය.
“ සඳ ගමන මානව වර්ගයාගේ සුවිශේෂි දිනයක්. පරිගණක තාක්ෂණය , සන්නිවේදන තාක්ෂණය වැනි බොහෝ දේ දියුණු වුණා. විද්‍යාත්මක දේවල් පවා දියුණු වුණා. සඳෙන් රැගෙන ආ පාෂාණ කොටස් පිළිබඳව පරීක්ෂණ කළා. ඒ හරහා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක සෑදී තිබෙන ආකාරය පිළිබඳව දැනගැනීමට ලැබුණා. අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවා බිහි වීමට මූලික ලෙස පාදක වුණේ මෙම සඳ ගමනයි. නාසා ආයතනය 2026 වර්ෂයේදී තවත් සඳ ගමනක් ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා අඟහරු ග්‍රහලෝකය මතට කෙනෙක් යවන්න. ඒ යැවීමේදී නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා භාවිතා කරන්නේ කොහොමද කියලා පරීක්ෂණ සිදු කරගෙන යනවා. එම පරීක්ෂණ කටයුතු සඳහා අනාගතයේදී සඳ ප්‍රධාන නැවතුම්පොළක් වේවි.