ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකියි – නීතීඥ සාමූහිකය

parliment-new-01 (1)

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියම කළ යුතු වාතාවරණයක් ඇති වන බව නීතීඥ සාමූහිකය පවසනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත වී දින 30 ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.

මේ හරහා එක ළඟ අවස්ථාවන් දෙකකදී ජාතික මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවීම හරහා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ උපරිමය සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවක් නොමැති බවත්, යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් විය හැකි බවයි නීතීඥ සාමූහිකය වැඩිදුරටත් සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66963f45ea0e1 66963f45db76f