රයිස්, කොත්තු, බත්, පරාටා, බිත්තර රොටී මිල පහළට

fried-rice

විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

එසේම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.