ෆොන්සේකා සජබ තනතුරුවලින් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගැනීමට සූදානම් වෙයි

sarath-fonseka-parliament-2

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජනබලවේගයේ තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණය විසින් ලබාදි ඇති වාරණය ඉවත් කිරීමෙන් පසු ඒ පිළිබද තීරණයක් ගැනීමට සූදානම් වන බවයි සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පක්ෂය හා පක්ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කරමින් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.