මන්නාරම අදානි සුළං බල ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

wind-mall

අදානි සමූහ ව්‍යාපාරය විසින් මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ සුළං බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අගෝස්තු මස 02 වැනි දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මූලික නඩු විභාගයේදී වගඋත්තරකාර අදානි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විරෝධතා සකස් කිරීමට අමතර කාලයක් ඉල්ලා සිටි අතර, ඒ අනුව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය ජුලි 22 දක්වා කාලයක් ලබා දෙනු ලැබුවා.

මධ්‍යම ආසියානු ගුවන් මග ඔස්සේ සංක්‍රමණික පක්ෂීන් සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කරන බවත්, ශීත ඍතුවේ දී වාර්ෂිකව කුරුල්ලන් මිලියනයක් පමණ මෙම කලාපයට පැමිණෙන බවත් මෙම පෙත්සමෙන් අදාළ පෙත්සම්කරු අවධාරණය කර සිටිනවා.

පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයක් වන මෙම කලාපය තෝරා ගැනීම සඳහා බලගතු විද්‍යාත්මක හෝ නිශ්චිත තාර්කිකත්වයක් නොමැති බවට ඔවුන් තර්ක කළ අතර, සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම තෝරා ගැනීම දේශපාලන හා බාහිර සාධකවල බලපෑමට ලක්ව ඇති බව පෙනී යන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.