ක්ලබ් වසන්ත ඝාතනයට සැකපිට Tattoo ආයතනයේ හිමිකරු ඇතුළු 6 ක් අත්අඩංගුවට

tatoo-owner

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩිතැබීම සිදුවූ Tattoo ආයතනයේ හිමිකරුද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගල‌යෙක් මියගොස් තවත් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබුණා.