මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට විවෘත වෙයි

train-epty

මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවන කටයුතු සඳහා සකස් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

අද (09) උදෑසන පානදුර සිට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිලි පැනීමකට ලක්ව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිරවී තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 5 ක් අවලංගු වූ අතර සවස් වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.