අවම බස් ගාස්තුව රුපියල් විසි අටයි – ජාතික ගමනාගමන කොමිස​ම

bus-full

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර නව අවම බස් ගාස්තුව 28 ක් බවයි එහි සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.