සූර්ය බල විදුලි උත්පාදනය මෙගාවොට් 1000 ඉක්මවයි

0.11822800_1543828767_solar

මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ත සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම වර්ෂය අවසන් වනවිට වහළය මත සූර්ය පැනල මගින් පමණක් මෙගාවොට් 1000 ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.