සංජය රාජරත්නම්ගේ සේවා දිගුව ගැන යෝජනාව යළිත් පරාජයට පත්වෙයි

sanjaya-rajarathnam-g

නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදීද එය පරාජයට පත් වුණා.