කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..

court-2

2024/06/25

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම ට පංච පුද්ගල කමිටුවක්..

කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනය ක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත විශේෂ කමිටුව ක් පත් කළ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා ගේ සභාපතිත්වයෙන්, යුත් පංච පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ බව මහේන්ද්‍ර අබේවර්ධන මහතා කීය.

මෙම අනවසර කැණීම් සිද්ධිය හමුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබව ට සනාථ වුව හොත් ඔවුන් ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා සඳහන් කරයි.