ආර්.එෆ්.එම්.සුහෙල් – ඉන්දියා හයිද්‍රාබාද් ප්‍රාන්තයේ සිට.
ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳව දෙසතියක වැඩමුළුව සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජන මාධ්‍ය වෘත්තිකයන් උණුසුම් ලෙස පිළිගැනේ .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොළඹ හම්බන්තොට මහනුවර යාපනය යන සියලුම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල හරහා තෝරාගත් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය වෘත්තිකයන් තිස් දෙනෙකු සඳහා ආචාර්ය එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී සති දෙකක කාලයක් පුරාවට පැවැත්වීමට සංවිධානය කර තිබෙන ජනමාධ්‍ය කළමනාකරණ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වීමට දිවයිනෙන් (23) දහවල් 02.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත් වූ කණ්ඩායම පස්වරු 04.30 හයිඩ්රාභාත් ගුවන් තොටුපලට ගුවන් තොටුපලට ළඟා වීමත් සමග එම්.සී.ආර් අධ්‍යාපන ආයතනයේ දී මෙම පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කර තිබිණ ,
උදෑසන යෝගා පුහුණුවත් සමග දින පහළොවක වැඩමුළුවක් වශයෙන් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන දේශන ක්ෂේත්‍ර චාරිකා මෙන්ම ජනමාධ්‍ය හා සම්බන්ධ නොයෙකුත් ඉසව් රාශියක් සමග ඉතාමත් උද්යෝගිමත් අයුරින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත ,
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන අංශ ප්‍රධානීන් , රාජතාත්ත්රිකයන්ගේ හා ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් මාධ්‍යවේදීන් හා නිදහස් මධ්‍යවේදින් තිස් දෙනෙකු සහභාගි කර ගැනීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කර ඇත ,
24 වන සඳුදා දින උදෑසන 10 .00 ට නිල වශයෙන් ආරම්භ වන මෙම වැඩසටහන එළඹෙන ජූලි මස හත් වන දින මෙම වැඩසටහන නිමා වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් කණ්ඩායම එදින සවස හයිඩ්රොපාත් ගුවන් තොටුපොළින් කොළඹ කරුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතය .
ජනමාධ්‍ය කළමනාකරණය පිළිබඳව දෙසතියක වැඩමුළුව සඳහා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් හා ජන මාධ්‍ය වෘත්තිකයන් උණුසුම් ලෙස පිළිගැනේ .
-
වැඩි ඡන්ද ලක්ෂ 20 කින් ජය නියතයි – සජිත්
Read more >> -
මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අතරතුර, පුළුල් තිර යොදා ජනතාව ඒකරාශී කිරීම නීතියෙන් තහනම් – මැතිවරණ කොමිසමේ සභාපති
Read more >> -
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 තෙක් තැපැල් කාර්යාලවලින් පත්‍රිකා ලබාගැනීමේ අවස්ථාව
Read more >> -
මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
Read more >> -
දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් රථයක් පෙරළී ගොස් අනතුරක්
Read more >> -
වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ දී විවෘත කෙරේ
Read more >> -
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පීලි පැනීමක් නිසා දුම්රිය ගමනාගමනයට බාධා
Read more >> -
අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
Read more >> -
රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමක් නිසා දුම්රිය ධාවනයට බාධා
Read more >> -
කොස්ලන්ද කඳු රක්ෂිතයේ ගින්නක්
Read more >>