හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

WhatsApp Image 2024-05-31 at 16.12.56

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

* රෝද දෙකම ඇඟ උඩින් ගිහිල්ලා

ගල්පාත චන්දන ජයලාල්

මෙසේ මරණයට පත් වී ඇත්තේ බෝතලේගම, මානාන, බුලත්සිංහල, පදිංචි (78) හොඳමුණිගේ ඇසිලින් නොනා නැමති කාන්තාවක් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

හොරණ දෙස සිට(285) මාර්ගයේ මතුගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බැල්ලපිටිය හංදිය ආසන්නයේ පිහිටි බස් නැවතුම් පලෙහි නවතා මගීන් නංවා ගැනීමෙන් පසු නැවත ගමන් කිරීමට යාමේදී බස් රථයට ඉදිරියෙන් මාර්ගයේ දකුණු පස සිට වම් පසට පාර මාරු වීමට පැමිණි පදික කාන්තාවක් බස් රථයේ ඉදිරි වම්පස රෝදයට සහ පසුපස රෝද දෙකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටින කාන්තාව පොලිස් නිලධාරීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති අතර රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුට සිදුවූ බස් රථය සහ රියදුරු සහ අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සී.එස් පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප විමල් ආනන්ද මහතා,පො.සැ 32724 රත්නවීර,පො.සැ 60503 දිමුතු ,පො.කො 89321 ඉන්දික විසින් සිදුකරනු ලබයි.