ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

court-2

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා සංගම් 4 ක් තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ සිට අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යි.

එමෙන්ම, මෙම ක්‍රීඩා සංගම්වල පරිපාලන සහ වෙනත් කටයුතු සඳහා නිසි බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂමල් සෙනරත් මහතා පත්කර තිබෙනවා.
එමෙන්ම, අදාළ සංගම්වල නිලවරණ කැඳවීම සහ පැවැත්වීමට බලය පවරා ඇත්තේ ද මහාචාර්ය ෂමල් සෙනරත් මහතාටයි.